Monday 13 March 2017

සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක්

සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක් 

අප යෝජනා කරන්නේ සයිටමය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමෙන් වර්තමාන අර්බුදයට සධාරණ විසඳුමක් ඇති කර ගත හැකි බවය.

 ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සයිටමය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කිරීමය. සිසුන් තෝරන්නේ අනෙක් හැම රජයේ වෛද්‍ය  පීඨයකටම කරන්නා සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමය . දිස්ත්‍රික් පදනමෙන් වැඩිම ඉසඩ් අගය ලබා ගන්නා  සිසුන්ට ඔවුන්ගේ විභාග කුසලතාවන්ට කරන සැලකිල්ලක් වශයෙන් පූර්ණ නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන කොළඹ පේරාදෙණිය ආදී දැනටමත් තිබෙන වෛද්‍ය  පීඨ වලට ඇතුලත් විය හැකිය. දිස්ත්‍රික් පදනම නිසා වෛද්‍ය ශිෂ්‍ය වරම් නොලැබෙන නමුත් මූලික සුදුසුකම් තිබෙන මුදල් වියදම් කිරීමේ හැකියාව තිබෙන සිසුනට විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයට ඇතුල් විය හැකිය. ඒ වාගේම දිස්ත්‍රික් පදනම නිසා විශ්ව විද්‍යාල අවස්ථාව නොලැබෙන මූලික සුදුසුකම් ඇති එහෙත් මුදල් වියදම් කිරීමේ හැකියාව නැති සිසුන් සඳහා ශිෂ්‍ය ණය මුදලක් ලබාදිය හැකිය . එවිට ඔවුන්ටද විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ දොරටුව විවෘත වනු ඇත. ඔවුන් දොස්තර වරුන් වී මුදල් හම්බ කර මේ ණය  මුදල ගෙවිය යුතුය.  සයිටම් රෝහල රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය  ඇති අර්ධ රාජ්‍ය ආයතනයක් සහ ශික්ෂණ රෝහලක් බවට පත් කළ  යුතුය.විවෘත සරසවි වෛද්‍ය  පීඨය පවත්වාගෙන යා යුත්තේ පාඩුද නොලබන ලාභද නොලබන ආයතනයක්  ලෙසය.

අන්තර්කාලීන ක්රියාමාර්ගයක්ද අවශ්‍ය වේ. ඒ දැනට සයිටමයේ ලියා පදිංචි වී සිටින සුදුසුකම්  සහිත සිසුන් සම්බන්ධයෙනි . ඔවුන්ට වෛද්‍ය උපාධිය සහ වෛද්‍ය වෘත්තීය බල පත්‍රය ලබා දිය යුතුය. ඒ සඳහා ඔවුන් වෛද්‍ය සභාවේ ඊ ආර් පී එම්  විභාගයට පෙනී සිටිය යුතුය. ඔවුන්ගේ ප්‍රමිතිය පිලිබඳ තව දුරටත් ගැටළු තිබේ නම් ඔවුන්ගේ වෘත්තික සීමා වාසික කාලය දීර්ඝ කළ  හැකිය. 

මේ විකල්පය ක්‍රියාත්මක කිරීමෙන් අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් යන දෙකම සුරැකේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද සුරැකේ. රටේ සල්ලි පිට රට යන්නේද නැත. සමාජයේ බොහෝදෙනාට වැළදී තිබෙන දොස්තර මේනියාවද තරමක් හෝ සුවකර ගත හැකිය .  

17 comments:

  1. තැපැල් මගින් පීනන්න උගන්නන්න බෑ

    ReplyDelete
    Replies
    1. විවෘත විශ්වවිද්‍යාලේ තැපැල් පාඨමාලා ඇත.අප අදහස් කරන්නේ එවැන්නක් නෙවෙයි. පුර්ණ කාලීන අභ්‍යන්තර පාඨමාලාවකි.

      Delete
  2. බොහොම හොඳ අදහසක්. මගෙත් කාලයක ඉඳන් අදහසක් ටියෙනෙන් ශිෂ්‍ය ණය මුදලක් ලබා දෙනවනම් හොඳයි කියල. රැකියාවක් ලැබුනම ගෙවන්න.
    //දිස්ත්‍රික් පදනමෙන් වැඩිම ඉසඩ් අගය ලබා ගන්නා සිසුන්ට ඔවුන්ගේ විභාග කුසලතාවන්ට කරන සැලකිල්ලක් වශයෙන් පූර්ණ නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන කොළඹ පේරාදෙණිය ආදී දැනටමත් තිබෙන විද්‍යා පීඨ වලට ඇතුලත් විය හැකිය. දිස්ත්‍රික් පදනම නිසා වෛද්‍ය ශිෂ්‍ය වරම් නොලැබෙන නමුත් මූලික සුදුසුකම් තිබෙන මුදල් වියදම් කිරීමේ හැකියාව තිබෙන සිසුනට විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුල් විය හැකිය. ඒ වාගේම දිස්ත්‍රික් පදනම නිසා විශ්ව විද්‍යාල අවස්ථාව නොලැබෙන මූලික සුදුසුකම් ඇති එහෙත් මුදල් වියදම් කිරීමේ හැකියාව නැති සිසුන් සඳහා ශිෂ්‍ය ණය මුදලක් ලබාදිය හැකිය //

    ReplyDelete
  3. දැනට ඉදිරිපත්වී ඇති හොදම අදහස.

    ReplyDelete
  4. ඉතින් මොකටෙයි එහෙම කරන්නේ. ඔය තියෙන විදියටම පුද්ගලික අන්ශේට කරගෙන යන්න දුන්නම ඉවරනේ. රට ගිහින් සල්ලි ගෙවල ඉගෙනගෙන ලංකාවේ දොස්ටර වෙන්න පුලුවන්නම් ලංකාවේ බැරි ඇයි?

    ReplyDelete
  5. i also have a suggestion, make all the doctors who migrate to western countries pay back the investment public made for their education,then government can increase the intake

    ReplyDelete
    Replies
    1. මෙතන නියාමන ප්‍රශ්නයක් තිබෙනවා. සයිටමය වර්ගේ ආයතන වලින් එය විසදා ගත නෙහැකියි.

      Delete
  6. සයීිම් එකට ගන්න අවම සුදුසුකම ලෙස අදාල වර්ශයේ උසස්පෙළ රජයේ වෛද්‍ය පිඨයට ඇතුල්වුන අවම Z අගය හෝ ඊට වඩා වැඩිවිය යුතු බවත් . ලංඩන් A/L කරණ අයට එම අවම අගය ඇති ලංකාවේ A/L ප්‍රතිළුලයට සමාන හෝ වැඩි ප්‍රූරතිළුලයක් තිබිය යුතුයි කියා මා යොජනා කරමි

    ReplyDelete
  7. එකෙක් මහපාරේ මැරෙන්න කලින් ආපු හොඳම අදහස.

    ReplyDelete
  8. කොතලාවල විශ්විද්‍යාලයේ මුදල් ගෙවා ඉගෙනීමේ පදනම මත සිවිල් සිසුන් (දැනට වෙබ් අඩවියේ දැක්වෙන්නේ පරිදි විදේශීය සිසුන් ගැන පමණක් වුවද) බඳවා ගන්නා රජයට අයත් වෛද්‍ය පීඨයක් තිබියදී සයිටම් වෛද්‍ය පීඨය "විවෘත්ත විශ්වව්දියාලයේ වෛද්‍ය පීඨය" බවට පත් කල යුත්තේ ඇයිද යන්න හේතු සහිතව ඔබට පැහැදිලි කල හැකි නම් ඊට බෙහෙවින් කෘතඥ වෙමි.

    ReplyDelete
    Replies
    1. සයිටම් ප්‍රශ්නය සාධාරණව විසඳිය යුතු නිසා

      Delete
  9. හොඳ යෝජනාවකි.

    ලංකාවේ ජනගහනයට අවශ්‍ය දොස්තරලා ගාන ජාතිකව නිර්ණය කර, ඒ ඉලක්කය ලබා ගැනීම සඳහා මධ්‍යමකාලීන සැලසුමක් මගින් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව අනුක්‍රමයෙන් වැඩි කළ යුතුයි. මාළබේ නොව, පේරාදෙණිය, කොළඹ සහ අනෙකුත් වෛද්‍ය පීඨවලට ද මුදල් ගෙවන සිසුන බඳවා ගත හැක.

    ReplyDelete
  10. හොද යෝජනාවක්

    මන් මීට පෙරත් ලියලා තියෙනවා මේ වගේ ක්‍රමයක්(විවෘත විශ්වවිද්‍යාලය හා සමාන) සියලූම සමාජ සදහා සධාරණයි කියලා.මොකද මන් පෞද්ගලිකව සිතනවා දක්ශතාවයට වඩා මුදල් මත පදනම් වීම බරපතල සමාජ අසාධාරණයක් කියලා

    ReplyDelete
  11. සයිටමය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් කරනවා කියන්නේ එය රජයට පවරාගැනීම හෝ රජයෙන් මිලදී ගැනීමයි.
    මෙය එක් අතකට වැරදි ආදර්ශක් දීමක් නොවේද?. ඉන්පසු කවරෙක්වත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට සිතයිද?
    අපේ ගමේ සිල්ලර කඩෙත් හරි හමන් ප්‍රමිතියකටබඩු නොමැති නිසා එයත් රජයට ගන්නවාද?
    බලන්න පෞද්ගලික ප්‍රවාහන සේවා, කොහොමද ඒවායේ ප්‍රමිතිය, (ඔබ නම් නොදන්නවා ඇති, ඒවායේ ගමන් නොයන නිසා), ඒවත් නැවත ගන්නකො රජයට.

    අනෙක, රජයෙන් සයිටම් මිලදී ගන්නවානම් එම මුදල් යොදවා දැනට තිබෙන වෛද්‍ය විද්‍යාල වැඩි දියුණු කර වැඩි ශිෂ්‍ය සන්ක්යාවක් ගත හැකි නොවෙයිද.

    මා දන්නා තරමින් මෙහි ඇති ප්‍රශ්නය ප්‍රමිතිය ගැන ගැටළුවක් නේ. එය සයිටම් ආයතනයටම නිවැරදි කර ගන්නට හැකි විය යුතුයි. ඒවාට අවශ්‍යනම් රටේ නීති සම්පාදනය කලයුතුයි. අවශ්‍යනම් එම නීති ක්‍රියාවේ යෙදවීමට අලුතෙන් කාර්යාංශයක් ආරම්භ කරන්න. ඔබට පාර්ලිමේන්තුවේදී එය පහසුවෙන් කළහැකි වේ යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය නොමිලේම දිය යුතුය යන අදහස ප්‍රායෝගික නොවේ. අධ්‍යාපනයට මිලක් ඇත. කවුරුන් හෝ ගෙවිය යුතුය.රාජ්‍ය නොවන අංශය අධ්‍යාපනයට මැදිහත්වීම හොඳය. එහෙත් ලාභ ලැබීමේ පරමාර්තයෙන් නොවේ. සයිටමය ඇරඹුණේ තවත් උපාධි කඩයක් ලෙසය.එය නිවරදි කර ගත යුත්තේ එනිසාය. මේ අතර තවත් වෛද්‍ය පීඨ සබරගමුව වයඹ ආදී විශ්ව විද්‍යාල වලද හැකිය .

      Delete
  12. අඩුම තරමින් විකල්පයක් යෝජනා කිරීමත් එය සාකච්ඡා කිරීමත් වැදගත්ය හිතනවා.
    මට ඇති ප්‍රශ්නය නම් එකම විශ්ව විද්‍යාලය තුල මුදල් ගෙවන අයත් නොගෙවන අයත් වශයෙන් කාණ්ඩ දෙකක් සිටීම අනාගත අර්බුද වලට හේතුවක් වෙන්නේ නැද්ද යන්නයි.

    ReplyDelete
    Replies
    1. වැඩිම විභාග කුසලතා දක්වන්නවුන්ට සම්පූරණ නොමිලයේ අධ්‍යාපනයත් මූලික සුදුසුකම් තිබෙන අයට ඔවුන්ගේ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමේ පියවරක් ලෙස මුදල් ලබා ගෙන අධ්‍යාපනය ලබාදීමෙන් අද පවතින අර්බුදය විසඳා ගත හැකිය අනාගත අර්බුදවලට මෙය හේතුවක් වේ යැයි මට නොසිතේ

      Delete